03 July 2025

logo

අධික වියළි කාලගුණය හේතුවෙන් තේ වගාවට හානි



මේ දිනවල මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල අධික වියළි කාලගුණයක් පවතිනවා.

ඒ අනුව ගිනිගත්හේන සහ නෝර්වුඩ් ප්‍රදේශවල පිහිටි තේ වතු ගණනාවක තේ ගස් වියලී යාමකට ලක්ව ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

මේ හේතුවෙන් තේ ඵලදාව අඩු වීම නිසා තමන්ට මාසිකව ලබාදෙන දෛනික වැඩ දින ගණන අඩු වී ඇති බවට වතු කම්කරුවන් පවසනවා.

(colombotimes.lk)