පසුගිය කාලයේ මෙරට ව්‍යාපෘති සඳහා ට්‍රිලියන 8ක ණය ලබා ගත්ත ද ව්‍යාපෘති ඉදිකර ඇත්තේ ට්‍රිලියන 2 ක වත්කම් ප්‍රමාණයක පමණක් බව විගණකාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.
ඒ බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළා.
මන්ත්‍රීවරයා අවධාරණය කළේ, මීට අදාළ තොරතුරු ගණන් හිලව් සහිතව සොයා ගැනීමට ඔවුන් කටයුතු කරන බවයි.
එසේ ණය ලබාගෙන කළ දේවල් 75%ක වත්කම් සොයාගත නොහැකි නම්, රට තිබෙන්නේ කොතැනදැයි ඔහු ප්‍රශ්න කර සිටිනවා.
(Colombotimes.lk)
