කථානායකවරයාගේ නිල නිවස 'පාර්ලිමේන්තු අධ්‍යයන සහ පර්යේෂණ මධ්‍යස්ථානයක්' බවට පරිවර්තනය කිරීම පිළිබඳව යෝජිත වැඩපිළිවෙළට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේ ප්‍රතිපත්තිමය එකඟතාව හිමිවී තිබෙනවා.
ඒ අනුව මාස 06ක ආරම්භක කාලයක් සඳහා මධ්‍යස්ථානයේ පදනම් රාමුව සැලසුම් කිරීම සහ ව්‍යුහගත කිරීම සම්බන්ධීකරණය, උපදෙස් දීම සහ මෙහෙයවීම සඳහා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරියෙක් ව්‍යාපෘති කළමනාකරුවෙක් ලෙස පත් කිරීමටද කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබෙන බවයි වාර්තා වන්නේ.
පසුගිය 24වනදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් රැස් වූ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේදී එම යෝජනාව සළකා බැලූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.
එමෙන්ම රජයේ සියලු අංශ ඔස්සේ ව්‍යවස්ථාදායක සහ ආණ්ඩුකරණ හැකියාවන් ශක්තිමත් කිරීමේ මූලික ඉලක්කය ඇතිව මෙම යෝජිත මධ්‍යස්ථානය මඟින් උසස් පර්යේෂණ පහසුකම්, විශේෂිත පුහුණුව සහ ප්‍රතිපත්ති විශ්ලේෂණයන් සඳහා ප්‍රවේශය සැපයීම සිදු කිරීමටද අපේක්ෂා කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)