දීඝවාපිය සෑයේ සර්වඥ ධාතූන් වහන්සේලා හා චූඩා මාණික්‍යය දිවයින පුරා මහජන වන්දනාමාන සඳහා වැඩම කරවීම ආගමික ආශිර්වාද මධ්‍යයේ කැලණිය රජ මහා විහාරස්ථානයේදී ඊයේ (අගෝස්තු 29) ආරම්භ කෙරුණා.
දින 150ක් පුරාවට පැවැත්වීමට නියමිත සර්වඥ ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍ය ප්‍රදර්ශනයේ සමාරම්භය කැලණිය රජ මහා විහාර පරිශ්‍රයේදී විහාරාධිපති පූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ ආශිර්වාද මධ්‍යයේ සුබ මොහොතින් ආරම්භ වුණා.
දීඝවාපිය මහ සෑ රඳුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු අතරතුර සොයාගන්නා ලද සර්වඥ ධාතූන් වහන්සේලා හා මැණික් ගල් 2,800 ක් ඔබ්බවා නිමකර ඇති චූඩා මාණික්‍යය බැතිමතුන්ගේ වන්දනාමානය සඳහා අගෝස්තු 29 සිට සැප්තැම්බර් 03 දක්වා කැළණිය රජ මහා විහාරයේදී ප්‍රදර්ශනය කරනු ඇති.
(colombotimes.lk)