13 July 2025

logo

ඩෙංගු රෝගයෙන් දැනට මිය ගිය ගණන ගැන භයානක හෙළිදරව්වක්



2023 වසරේ මේ දක්වා මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 50,000කට ආසන්නයි. 

2023 වසරේ මේ දක්වා රට තුළ ඩෙංගු රෝගීන් 49,759ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. 
 
පසුගිය සතිය වන විට ඩෙංගු රෝගයෙන් මිය ගිය සංඛ්‍යාව ද 31 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 
 
රෝගීන් අතරින් 24,837ක් බස්නාහිර පළාතෙන් තහවුරු වී තිබෙනවා. 
 
තවද, ජුනි මාසයේදී ඩෙංගු රෝගීන් 10,000 කට ආසන්න සංඛ්‍යාවක් තහවුරු වුණා. 
 
ප්‍රදේශ 61ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම් කර ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරනවා.
(colombotimes.lk)