24 August 2025

logo

ගොවීන්ගේ ප්‍රශ්න ඉවරද ? - කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති කියන කතාව



වී මිලදී ගැනීම ඇතුළු අනෙකුත් ගැටලු විසදා අවසන් බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න ප්‍රකාශ කළා. 

ඒ මොණරාගල පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

කෙසේ වෙතත් තම ගැටලුවලට තවමත් විසදුම් ලැබී නොමැති බව ගොවීන් පවසනවා. 

රජරට පොදුජන ගොවි එකමුතුවේ සභාපති කේ. විජේවීර සඳහන් කළේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ විලච්චිය ඇතුළු බොහෝ ප්‍රදේශවල මෙම කන්නයේ වී අස්වනු නෙළමින් පවතින පසුබිමක වී ගබඩා විවෘත කර නොමැති බවයි.

(colombotimes.lk)