ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න අද (11) සිය තනතුරේ රාජකාරී ආරම්භ කර තිබෙනවා.
ඒ නාරාහේන්පිට ජනමාධ්‍ය අමාත්‍යාංශයේදීයි.
ජනාධිපතිවරයා විසින් 2026 අයවැයට සමගාමීව සිදු කළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුව ඇය ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ධූරයට පත් කළා.
සිය ධූරයේ රාජකාරී ආරම්භ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ 'පොහොසත් රටක් ලස්සන ජීවිතයක්' ප්‍රතිපත්තිය යටතේ ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට මේ වන විටත් වැඩකටයුතු රාශියක් ආරම්භ කර ඇති බවයි.
එමෙන්ම තවත් සැලසුම් රැසක් ක්‍රියාත්මක කිරීමට තිබෙන බවද ඇය වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)