24 August 2025

logo

දේශබන්දු තෙන්නකෝන් දුම්බර බන්ධනාගාරයට



රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දුම්බර බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ සදහන් කළේ ආරක්ෂක හේතූන් මත ඔහුව එම බන්ධනාගාරයට ඇතුළත් කළ බවයි.

2022 වසරේ අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් ඔහු ලබන 27වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලු‍පුලී ලංකාපුර ඊයේ (21) නියෝග කළා.


(colombotimes.lk)