රජයේ පාසල්වල සේවය කරන සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කර ගැනීමට රජය කටයුතු කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව විශේෂ සම්මුඛ පරීක්ෂණයකට යොමු කිරීමෙන් පසු සුදුසුකම් සපුරන සියලුදෙනා මෙසේ ගුරු සේවයට එක් කරන බවයි සඳහන් වන්නේ.
ඊට අදාළ කැබිනට් පත්‍රිකාව අධ්‍යාපන අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබෙනවා.
(colombotimes.lk)