මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදා මරණ 69ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එම මධ්‍යස්ථානය සඳහන් කළේ ආපදා හේතුවෙන් පුද්ගලයන් 34දෙනෙක් අතුරුදන්ව ඇති අතර පවුල් 61,175කට අයත් පුද්ගලයන් 219,282ක් ආපදාවට ලක්ව ඇති බවයි.
එමෙන්ම පීඩාවට පත් වූ පවුල් 5,890කට අයත් පුද්ගලයන් 18,443දෙනෙක් තාවකාලික සුරක්ෂිත මධ්‍යස්ථාන 266ක් වෙත යොමු කර තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ මේ වන විටත් විපතට පත්වූවන් සෙවීමේ කටයුතු ත්‍රිවිධ හමුදාව විසින් සිදු කරන බවයි. 
(colombotimes.lk)
