15 May 2026

logo

ආපදා මරණ සංඛ්‍යාව ඉහළට



මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මරණ 2ක් වාර්තා වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා. 

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ එම මරණ මඩකලපුව සහ යාපනය දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති බවයි. 

එමෙන්ම අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් දිස්ත්‍රික්ක 8ක ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 35ක ජනතාව මේ වන විට පීඩාවට පත්ව සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළා. 

එම මධ්‍යස්ථානය සඳහන් කළේ පවුල් 1,113කට අයත් පුද්ගලයන් 3,475දෙනෙක් මේ වන විට බලපෑමට ලක්ව ඇති බවත් ඉන් පුද්ගලයන් 104දෙනෙක් මේ වන විට සුරක්ෂිත මධ්‍යස්ථාන 02ක රඳවා සිටින බවයි. 

එමෙන්ම නිවාස 88ක් අර්ධ වශයෙන් හානියට පත් වී තිබෙන බවයි වාර්තා වන්නේ. 



(colombotimes.lk)