ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ ප්‍රකෘතිමත් වීමේ උත්සාහයන් සඳහා තවදුරටත් පූර්ණ සහය ලබාදෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යළිත් අවධාරණය කර තිබෙනවා.
ඒ ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකදීයි.
මෑත කාලයේ ශ්‍රී ලංකාව විශාල ආර්ථික පීඩනයක් ඇති කළ ප්‍රබල කම්පන 02කට මුහුණදී ඇති බව IMF සන්නිවේදන අධ්‍යක්ෂ ජූලි කොසැක් සඳහන් කළා.
ඇය කියා සිටියේ ඉන් පළමුවැන්න 'දිට්වා' සුළි කුණාටුව වන අතර එය ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරකම්වලට දැඩි බලපෑමක් එල්ල කළ ස්වභාවික විපතක් බවයි.
එමෙන්ම දෙවන කම්පනය ලෙස මැද පෙරදිග යුද්ධයේ අඛණ්ඩ බලපෑම බව ඇය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
