15 May 2026

logo

කුඩා ගඟ උප ද්‍රෝණියට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්



කළු ගඟෙහි කුඩා ගඟ උප දෝණිය සම්බන්ධයෙන් ඉදිරි පැය 48ක කාලය සඳහා සුළු ගංවතුර අනතුරු ඇඟවීම් නිවේදනයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
 
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කුඩා ගඟ උපද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බවත් තවදුරටත් වර්ෂාව පවතින බවයි. 

ඒ අනුව බුලත්සිංහල, මදුරාවල හා පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ සහ මගුර ගඟ පිටාර තැන්නට අයත් පහත්බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා. 

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ හේතුවෙන් කුඩා ගඟ සහ මගුර ගඟ අවට පහත්බිම් හරහා වැටී ඇති අතුරු මාර්ග ජලයෙන් යටවීමේ දැඩි අවදානමක් පවතින බවයි. 



(colombotimes.lk)