14 October 2025

logo

ජනපති සහ උතුරු නැගෙනහිර පළාත් නියෝජිතයින් අතර සාකච්ඡා හෙට



හෙට (15) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ ජාතික මන්ත්‍රීවරුන් අතර තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා සඳහන් කළේ, හෙට(15) සවස 5.30 ට ජනාධිපති කාර්යාලයේදී අදාළ සාකච්ජාව පැවැත්වෙන බවයි.

බලය බෙදීම, උතුරේ ඉඩම් ගැටලු සහ දෙමළ සිරකරුවන් නිදහස් කිරීම ඇතුළු කරුණු පිළිබඳව එහිදී සාකච්ජා කිරීමට නියමිතයි.

පසුගිය දෙසැම්බර් සිට මේ දක්වා දෙමළ මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිවරයා අතර සාකච්ජා වට සංඛ්‍යාව 05ක් පවත්වා තිබුණා.

මේ අතර ඉදියේදී මුස්ලිම් ජාතික මන්ත්‍රීවරුන් සමග, ඔවුන් නියෝජනය කරන ප්‍රජාව මුහුණ දෙන ගැටලු පිළිබඳව සාකච්ජා කිරීමට ජනාධිපතිවරයා සූදානමින් ඇතැයි, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරනවා.
(colombotimes.lk)