අද වෙනකොට වයස් භේදයක් නැතුව Fashion කරන්න ගොඩක් දෙනා යොමු වෙලා ඉන්නවා. ඒ වගේම තමා ගොඩක් කාන්තාවන් වගේම ගැහැණු ළමයි Fashion වලින් කැපී පෙනෙන්න උත්සහ කරනවා. ඒ කොහොම වුණත් තමන්ට ගැළපෙන වෙන විදියේ Fashion එක තෝරගන්න බැරි වුණොත් ඔයාගේ තියෙන ලස්සනත් Fashion නිසා විනාශ වෙලා යන්න බැරිකමක් නැහැ. ඉතින් අද Be Happy අරගෙන ආවේ Fashion කරද්දී ඔයා දැනගෙන ඉන්නම ඕනේ කරුණු කීපයක්.
1. අඩ නිරුවත් ඇඳුම් එපා.
ගැහැණු ළමයි වගේම කාන්තාවන් Fashion කරන එකේ කිසිම වැරද්දක් නැහැ. ඒත් ඕනම Fashion එකකින් සුන්දරත්වය ඉස්මතු වෙනවා වගේම විලි වසා ගන්න එකත් ගොඩක්ම වැදගත් දෙයක්. නමුත් අලුත් පරපුරේ ගොඩක් අය අඩ නිරුවත් ඇදුම් ඇදීම වගේ දේවල් වලට පෙළබිලා ඉන්නවා. ඉතින් ඒ නිසා කවදාවත් ඔයාගේ ජීවිතයට බලපෑමක් එල්ල වෙන වෙන විදියේ Fashion නම් කරන්න එපා.
2. චාම් ඇදුම් අදින්න.
අපි හැමෝටම ඉපදෙද්දීම දෙවියන් දෙන තෑග්ගක් විදියට ලස්සන කියන දේ හම්බෙනවා. ඒත් සමහර අය අනවශ්‍ය ලෙස Fashion කරන්න ගිහින් තමන්ට උපතින්ම ලැබුණ ලස්සන නැති කරගන්නවා. ඉතින් මේ නිසාම ගොඩක් පිරිසිදුවට වගේම චාම්ව ඇඳුම් අදින එකත් ලස්සනම ලස්සන Fashion එකක් තමයි.
3. වැඩිපුර ආභරණ එපා.
ලස්සන වැඩිපුර කැපිලා පෙන්න කියලා රටේම තියෙන ආභරණ දාගත්ත අය ඕන තරම් උත්සව වලදී එහෙම දැකලා ඇතිනේ. එතකොට නම් ලස්සන කෙසේ වෙතත් අපිට නම් ඒ කෙනාව පෙන්නේ තොරණක් වගේ. ඒ නිසා ඇදුමට ගැලපෙන ආභරණ තෝරාගන්න සැලකිලිමත් වෙන්න ඕනේ.
ඔයා බෙල්ලට ලොකු Necklace එකක් භාවිතා කරනවා නම් ලොකු Earrings ගැළපෙන්නේ නැහැ. ඔයා Fashion කරන කොට Simple වගේ Balance වෙන්න Fashion කරන්න පුරුදු වෙන්න.
4. ඇදුමේ පාට ගැන හිතන්න.
ලංකාවේ ගොඩක් කාන්තාවන්ට තියෙන්නේ කළුත් නැති සුදුත් නැති තලෙළු සමක්. ඒ කියන්නේ Tan Skin එකක්. ඒ නිසා ඔයාගේ සමේ පාටට ඇදුමේ පාට ගලපන්න හැම වෙලාවේම උත්සහ කරන්න. ඉතින් ඔයාට තියෙන්නේ ටිකක් Dark Skin Colour එකක් නම් ලා පාට ඇදුම් තමා හොදටම ගැලපෙන්නේ.
5. ගොඩක් ලොකු ඇදුම් එපා.
ගොඩක්ම කෙට්ටු අයට නම් ටිකක් පිම්බුණ ඇදුම් අදින එක ප්‍රශ්නයක් නෑ. ඒත් ඔයා මහත කෙනෙක් නම් ලොකුවට ඇදුම් ඇන්දොත් ඔයාගේ මහත තවත් වැඩිපුර කැපිලා පේන්න පුළුවන්. එතකොට ඔයාගේ ලස්සන අඩු වෙන එක තමයි වෙන්නේ. ඉතින් හැම වෙලාවෙම ඔයාට හරියටම Set වෙන Size එකෙන් ඇදුම් ගන්න පුරුදු වෙන්න.
Fashion කරනවා නම් ඉතින් අනිවාර්යෙන්ම මේ දේවල් ගැන සැලකිලිමත් වෙලා Fashion කරන්න ඕනේ. New Trend එකට ලෝකේ හැමෝම කරන නිසා Fashion කරන්නේ නැතුව තමන්ට ගැළපෙන විදියේ Fashion තෝරාගෙන කලොත් ඇත්තටම ඔයාට ගොඩක් ලස්සනට ඉන්න පුළුවන්.
(Dinithi Thilakarathne @ COLOMBO TIMES)