14 October 2025

logo

ජීවිතයක් සුරකින්න ලේ බිඳක් දන්දෙන්න



ලෝකයේ ස්වේච්ඡාවෙන් රුධිරය ලබා දෙන පරිත්‍යාගශිලින් සිටින රටවල් 53න් එකක් වන්නේ ශ්‍රී ලංකාවයි.

ඒ වගේම තමයි ලේ දන්දීමෙන් මිනිස් ජීවිත බේරා ගන්න ලැබෙන එකත් ලොකු පිනක් විදියට තමයි අපි සලකන්නේ.

ඒ වගේ උතුම් පින් කමකට දැන් ඔබට සහභාගී වෙන්න අවස්තාව හිමිවෙනවා.

Colombo Times මාධ්‍ය අනුග්‍රහයෙන්, කොළඹ ආනන්ද විද්‍යාලයේ 2003 කණ්ඩායම විසින් ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කර තිබෙනවා.

එය එළැඹෙන මැයි 20 වෙනිදා උදෑසන 8.00 සිට සවස 4.00 දක්වා නාරාහේන්පිට ලේ දන්දිමේ ප්‍රධාන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.

ලේ බිඳකින් දන් දී ජීවිතයක් බේරාගන්න කැමති ඔබ සැමටම මේ සඳහා සහභාගී වෙන්න පුළුවන්.
(colombotimes.lk)