26 December 2025

logo

රාගම සිද්ධියට අදාළ මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට



රාගම පහලවත්ත ප්‍රදේශයේදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ පතොරම් සහිත ගැබ් දෙකක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගත් සැකකරු බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වෙත භාරදී ඇති බවයි. 

රාගම පහළවත්ත ප්‍රදේශයේ පාලු ස්ථානයක නවතා තිබූ මොටර් රථයක තිබී ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ එම පතොරම් සහිත ගැබ් දෙකක් පොලීසිය විසින් පසුගිය 23වනදා රාත්‍රියේ සොයාගෙන තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ අදාළ මොටර් රථය කාර්මික දෝශයකට ලක්ව එම ස්ථානයේ අත්හැරදමා ගොස් තිබූ අතර එම රථය පරීක්ෂා කිරීමේදී අදාළ ගිනිඅවිය හා උණ්ඩ සොයාගත් බවයි. 

(colombotimes.lk)