30 April 2026

logo

යුක්තියෙන් අල්ලා ගත් කුඩු රොෂාන්ට ඇප



යුක්තිය මෙහෙයුම අතරතුරදී අත්අඩංගුවට ගත් කුඩු රොෂාන් නැමැත්තා සහ ඔහුගේ සොහොයුරා දැඩි ඇප කොන්දේසි මත නිදහස් කර තිබෙනවා.

ඒ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද ලබා දුන් නියෝගයකට අනුවයි.

අධිකරණය විසින් කුඩු රොෂාන්ට මුදලින් රුපියල් කෝටි 3ක ඇපයක් සහ අනෙක් සැකකරුට මුදලින් රුපියල් ලක්ෂ 50ක ඇපයක් ද නියම කර තිබෙනවා.

එමෙන්ම කුඩු රොෂාන්ට රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප 7ක් සහ ඔහුගේ සහෝදරයාට රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප 4ක් නියම කර ඇති බවයි සඳහන් වන්නේ.
(colombotimes.lk)