colombotimes.lk
සිංහල | English

04 May 2024

ගෝඨාභය විසින් දුමින්දට සමාව දුන් හේතුව මෙන්න



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට එරෙහි නඩුවට අදාළව පෞද්ගලික හෝ දේශපාලන හිතවත්කම් මත තමා සමාව ලබා දුන් බවට කරන ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර තිබෙනවා. 

එම දිවුරුම් ප්‍රකාශයට අනුව දුමින්ද සිල්වාගේ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් තමාට බන්ධනාගාරයෙන් නිදහස් විය යුතු බවට වෛද්‍ය වාර්තා තමා වෙත ඉදිරිපත් කර තිබූ බවයි රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. 
 
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ලබාදී තිබූ විශේෂ ජනාධිපති සමාව අවලංගු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද ලබාදුන් තීන්දුවේ දිවුරුම් ප්‍රකාශයේ කොටසක මෙම හේතු දැක්විම සඳහන් වනවා.
(colombotimes.lk)