01 March 2025


මෙම වසර අවසානයට පෙර ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍රයක්



ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍රය (E-Passport) මේ වසර අවසන් වන විට මෙරටට හඳුන්වා දෙන බව ආගමන හා විගමන පාලක ජනරාල් අයි.එස්.එච්.ජේ. ඉලුක්පිටිය මහතා පවසනවා. 

විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රය හඳුන්වාදීමේ මූලික වැඩසටහන් සහ ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටි ද අවසන් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. 
 
නව විදේශ ගමන් බලපත්‍රය හඳුන්වාදීමත් සමඟ ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රය අනෙකුත් රටවල් අතර වඩාත් පිළිගත් විදේශ ගමන් බලපත්‍රයක් බවට පත්වනු ඇති.
(colombotimes.lk)