මිලියන 57ක් වන තැන්පත්කරුවන්ගේ තැම්පතු මුදල් සඳහා කිසිඳු බලපෑමක් සිදු නොවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ, අද (29) ජනාධිපති මාධ්‍ය අංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
මේ වන විටත් තැන්පත්කරුවන්ගේ 50%කට වැඩි බදු මුදල් මගින් භාණ්ඩාගාරයට සහ ආර්ථිකයට දායකත්වයක් ලැබෙන බවද ඔහු පැවසුවා.
මීට අමතරව දැනටමත් රැස්කර ඇති සේවක අර්ථසාධක අරමුදල්වලට අත නොතබන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මෙහිදී ඔහු සේවක අර්ථසාධක අරමුදල සඳහා අවම වශයෙන් 9%ක පොලියක් සහතික කරනු ලැබුවා.
මෙම ප්‍රකාශයෙන් අනතුරුව ETF සහ EPF මුදලට සිදු වන දේ පිළිබඳව කතා කිරීමට Colombo Times අපි ආර්ථික විශ්ලේෂකයෙකු සම්බන්ධ කර ගත්තා.
ඒ අනුව අප හා සම්බන්ධ වූයේ ඇඩ්වොකාටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු මහතායි.
ETF සහ EPF සඳහා සිදුවන බලපෑම පිළිබඳව දැක්වූ අදහස් පහතින්,
(colombotimes.lk)