07 July 2025

logo

හයිටි රාජ්‍යයේ භූ කම්පනයක්



හයිටි රාජ්‍යයේ භූ කම්පනයක් හටගෙන තිබෙනවා. 

එම භූ කම්පනය රික්ටර් මාපකයේ 4.9ක අගයක් සටහන්ව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 
 
භූ කම්පනය හේතුවෙන් මේ වනවිට පුද්ගල මරණ 4 ක් ද වාර්තා වන බව ඇතැම් මාධ්‍ය වාර්තා කරනවා. 
 
මේ වනවිට හයිටි රාජ්‍යයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 13,000ක් පමණ අවතැන්ව සිටින අතර අධික වර්ෂාව සමඟ ඇතිවූ ගංවතුර තත්ත්වයත් සමඟ පුද්ගලයින් 42කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
(colombotimes.lk)