බිත්තර කිලෝග්‍රෑම් ලෙස අළෙවි කිරීමට නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට අවදානය යොමු වී තිබෙන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
ඉන්දියාවෙන් ආනයන කරන බිත්තර සුපිරි වෙළෙඳසැල්වලට සහ සතොස අළෙවිසැල්වලට නිකුත් කිරීමෙන් පසුව පාලන මිල කාණ්ඩ දෙකක් අවශ්‍ය නොවන බවත් ඒ හේතුවෙන් එක ගැසට් නිවේදනයක් අවලංගු කිරීමට අවදානය යොමු වී ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.
පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් සුදු බිත්තර කිලෝවක් රුපියල් 880 ක සහ දුඹුරු බිත්තර කිලෝවක් රුපියල් 920 ක උපරිම මිලක් නියම කරමින් පසුගිය අප්‍රේල් මස 20 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ගැසට් නිවේදනයක් නිකුත් කළා.
(colombotimes.lk)