අයිෆල් කුළුණේ සේවයකයන් වර්ජනයක



පැරීසියේ අයිෆල් කුළුණේ කටයුතු නිසි පරිදි කළමනාකරණ කිරීමට අදාළ ආයතන අපොහෙසත් වීම හේතුවෙන් එහි සේවයකයන් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

මේ හේතුවෙන් අයිෆල් කුළුණ ඊයේ (19) දිනයේ දී තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අයිෆල් කුළුණේ සේවකයින් මෙලෙස වර්ජනයක් ආරම්භ කර ඇත්තේ දෙවන වරටයි.

එළඹෙන ඔලිම්පික් ක්‍රිඩා උළෙලට පෙර මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට ඇති බැවින් කුළුණේ නඩත්තු කටයුතු සඳහා ලබා දෙන මුදල් ප්‍රමාණවත් නොවන බවට සේවකයන් චෝදනා කරනවා.
(colombotimes.lk)