වගකීමක් රහිත අසත්‍ය තොරතුරු සමාජ ගත කිරීමෙන් වළකින ලෙස බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි විපක්ෂයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඔහු අද (03) පාර්ලිමේන්තුවේදී ආනයනික ගල්අඟුරු ගැටලුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ 2023 පිරිවිතර ටෙන්ඩර් ක්‍රමවේදයට අනුව ක්‍රියා කළ බවයි.
ගල්අඟුරු ආනයනයේදී ටෙන්ඩර් ක්‍රමවේදය හෝ පිරිවිතර ක්‍රමවේද වෙනස් නොකළ බවත් ගල් අඟුරුවල ගුණාත්මක තත්ත්වය පිළිබදව විශේෂ තත්ත්වයක් මතුවුවහොත් ගත යුතු ක්‍රියාමාර්ග ටෙන්ඩර්/ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ අඩංගුවන බවත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබුවේ ඒ අනුව බවත් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළා.
එමෙන්ම ඔහු වැඩිදුරටත් කියා සිටියේ ගල් අගුරු සැපයීම් හෝ ගුණාත්මක තත්ත්වය සම්බන්ධයෙන් මතුවිය හැකි ගැටළු විසදීම සම්බන්ධව අන්තර්ජාතිකව පිළිගත් ක්‍රමවේදයට අනුකූල ක්‍රමවේදයක් ටෙන්ඩර් ක්‍රියාවලිය තුළ අඩංගු බවත් ඒ අනුව ක්‍රියාත්මක වූ බවත් සාවද්‍ය ප්‍රකාශ නොකරන ලෙස තමා විපක්ෂයේ මන්ත්‍රීන්ගෙන් ඉල්ලා සිටින බවයි.
(colombotimes.lk)
