2026 ජනවාරි මාසය තුළ සංචාරකයන් 277,327ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
එම අධිකාරිය සඳහන් කළේ ඉතිහාසයේ ශ්‍රී ලංකාවට පැමිණි ඉහළම සංචාරකයන් සංඛ්‍යාව ලෙස මෙය වාර්තා වන බවයි.
2025 වසරේ ජනවාරි මාසය සමඟ සංසන්දනය කිරීමේදී මෙවර සංචාරක පැමිණීම 10%කට ආසන්න වර්ධනයක් පෙන්නුම් කරන බවද එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම ගත වූ ජනවාරි මාසය තුළ එක් දිනකදී වාර්තා වූ ඉහළම සංචාරක පැමිණීම ජනවාරි 15වනදා වාර්තා වී තිබෙනවා.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ එදින සංචාරකයන් 10,483ක් මෙරටට පැමිණ තිබෙන බවයි.
(colombotimes.lk)
