06 November 2025

logo

දුම්රිය වර්ජනය අවසන්කෙරේ



දුම්රිය එන්ජින් රියදුරන් විසින් ආරම්භ කර තිබූ දුම්රිය වර්ජනය මීට සුළු මොහොතකට පෙර අත්හිටුවා තිබෙනවා. 

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව එම සංගමය මෙම තීරණය ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 
 
සංගමයේ නිලධාරියෙකු පැවසුවේ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් තම සංගමයේ ඉල්ලීම් සමඟ එකඟතාවයකට පැමිණි බවයි. 
 
වැඩවර්ජනය හේතුවෙන් අද දිනයේ කාර්යාල දුම්රිය ඇතුළුව දුම්රිය සේවා 26ක් අවලංගු කර තිබුණා. 
 
වර්ජනය අත්හිටුවා ඇතත් හෙට උදෑසන වන විට දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් පවතින බවත් එය යථා තත්ත්වයට පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. 
 
වෛද්‍ය නිවාඩු සඳහා ඉල්ලුම් කරමින් දුම්රිය සේවකයින් ඊයේ (23) පස්වරුවේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළා.
(colombotimes.lk)