පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකර තිබෙනවා.
ඒ අනුව ඔහුගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීම් සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති ඔහු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
(colombotimes.lk)
