Express Pearl නෞකාව මෙරට මුහුදු සිමාවේ ගිනි ගැනීමෙන් සිදුවූ පරිසර හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා සිංගප්පූරු අධිකරණයක් හමුවේ ශ්‍රී ලංකාව පැනවූ නඩුව අද(15) යළි කැඳවීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, එරට නිතීඥ සංගමයක් නඩුවට පෙනී සිටීමට නියමිතයි.
පසුගිය 9 වැනිදා අදාළ නඩුව සිංගප්පූරු අධිකරණයක් හමුවේ පළමු වරට කැඳවනු ලැබුවා.
Express Pearl නෞකා අනතුරින් සිදුවූ පරිසර හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා, නීතිපති දෙපාර්තමේන්තුව, සිංගප්පූරු අධිකරණයක් හමුවේ නඩු පැවරුවේ, පසුගිය 26 වැනිදායි.
මේ අතර, මෙරට මුහුදු සීමාවේදී ගිනිගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානිය යළි ගණනය කිරිමට පියවර ගෙන ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.
එහි සභාපති නීතිඥ අසේල රැකව මහතා සඳහන් කළේ , නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි එම වාර්තාව සැකසීම ආරම්භ කර ඇති බවයි.
(colombotimes.lk)