13 July 2025

logo

විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීම කැබිනට් මණ්ඩලයට



විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැනීම සඳහා වූ අමාත්‍ය මණ්ඩල සංදේශය මේ සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට අදාළවයි.

එම තීරණය සම්බන්ධයෙන් පසුගිය සතියේදී අභියාචනාධිකරණයට ද දැනුම් දී තිබෙනවා.

එහි ලේකම් ජානක ශ්‍රි චන්ද්‍රගුප්ත මහතා කියා සිටියේ, අවුරුදු 60 න් විශ්‍රාම ගැන්වීමට එරෙහිව විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් ගොනු කළ පෙත්සමකට අදාළව එම කරුණු දැක්වීම සිදුකළ බවයි.

වර්තමානයේදී ඉහළ යන වෛද්‍ය පුරප්පාඩු සැළකිල්ලට ගෙන එම තීරණය යෝජනා වූ බව ලේකම්වරයා සඳහන් කළා.
(colombotimes.lk)