මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අද (24) අධික සීතල කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම එම ප්‍රදේශයේ ඝණ මීදුම් තත්වයක් පැවතීම හේතුවෙන් ජන ජීවිතයට මෙන්ම රථ වාහන ගමනා ගමනයටද බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව හැටන් - නුවරඑළිය, හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගවල රථ වාහාන ධාවනය කිරිමේදි වාහනවල ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන සෙමින් සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙස හැටන් පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරීන් රියදුරන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
