colombotimes.lk
සිංහල | English

22 October 2024


බොරු පුවත් පැතිරූ වෙබ් අඩවියට වැඩ වරදියි - මහජන බැංකුව CID යයි



මහජන බැංකුව විසින් මුදල් වංචාවක් සිදු කළ බව කියමින් ව්‍යාජ පුවතක් අද (13) උදෑසන Lanka hot news.net නම් වෙබ් අඩවිය තුළ පළ කර තිබුණා.

එහි සඳහන් කර තිබුණේ, 'ගිණුම් හිමියන්ගේ අනුදැනුමකින් තොරව ස්ථාවර තැන්පතු උගසට තබමින් සිදු කළ මහා පරිමාණ වංචාවකට අදාළව මහජන බැංකුවේ සේවයේ නියුතු සැකකරුවන් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීමට පුළුල් විමර්ශනයක් සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත ඊයේ (12) දන්වා සිටියේය.' යන්නයි.

කෙසේ වෙතත් මෙම පුවතේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳව Colombo Times අප මහජන බැංකුවෙන් විමසීමක් කළා.

එහිදී මහජන බැංකුවේ ජේෂ්ඨ නිලධාරියෙක් Colombo Times වෙත අවධාරණය කළේ මෙය අතිශයින්ම අසත්‍ය සහ ද්වේෂසහගත පුවතක් බවයි.

එමෙන්ම එම පුවතෙහි මහජන බැංකුවේ නිල ලාංඡනය භාවිතා කිරීම තුළින් මෙම වෙබ් අඩවිය හිතා මතාම ඉතා ද්වේෂසහගත චේතනාවෙන් බැංකුවේ කීර්ති නාමයට හානි කිරීමට උත්සාහ කර ඇති බවටයි මහජන බැංකුව චෝදනා කරන්නේ.

මෙලෙස ව්‍යාජ තොරතුරු ඇතුළත් පුවත පළ කළ Lanka hot news.net වෙබ් අඩවියට එරෙහිව මේ වන විටත් CIDයට පැමිණිලි කර ඇති බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

(colombotimes.lk)