12 May 2026

logo

හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ මාරක අනතුරක්



ත්‍රීරෝද රථයක් සහ බස් රථයක් එකිනෙකට ගැටීමෙන් ඊයේ (10) මාරක අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ යටියන්තොට පොලිස් වසමේ හැටන් - කොළඹ මාර්ගයේ කබුලුමුල්ල ප්‍රදේශයේදීයි. 

එම අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු හා ත්‍රීරෝද රථයේ පිටුපස ගමන්කළ අවුරුදු 14ක පිරිමි දරුවෙක් කරවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ත්‍රීරෝද රථයේ රියැදුරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 59ක් වන පරුස්සැල්ල, යටියන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලීසිය සඳහන් කළේ අදාළ අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

(colombotimes.lk)