20 February 2026

logo

හැටන් - කොළඹ මාර්ගයේ මාරක අනතුරක්



නුවරඑළිය දෙස සිට කොළඹ දක්වා ගමන් ගත් ඉන්දීය සංචාරකයන් පිරිසක් රැගත් බස් රථයක් අද (20) අනතුරකට ලක් වී තිබෙනවා. 

ඒ හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ යටියන්තොට, තණකොළවත්ත ප්‍රදේශයේදීයි. 

මෙම අනතුර සිදුවන අවස්ථාවේ මාර්ගය අසල රැදී සිටි මවක්, දියණියක් සහ පුතෙක් ද එම බස් රථයේ ගැටීමෙන් තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බව පොලීසිය සඳහන් කළා. 

එහිදී තුවාල ලැබූ මව රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් ව තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)