20 February 2026

logo

තරුණයෙක් ජීවිතක්ෂයට



ටිපර් රථයක් ඇළකට පෙරළීමෙන් ඊයේ (19) මාරක අනතුරක් සිදු වී තිබෙනවා.

ඒ පදියතලාව පොලිස් වසමේ කෙහෙල්උල්ල ප්‍රදේශයේදීයි.

අනතුරින් තුවාල ලැබූ ටිපර් රථයේ රියදුරු පදියතලාව රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මහඔය රෝහලට මාරුකර යැවීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා. 

එලෙස මියගිය පුද්ගලයා වයස අවුරුදු 25ක් වන පදියතලාව ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

(colombotimes.lk)