දිස්ත්‍රික්ක 02ක් සඳහා නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පියවර ගෙන තිබෙනවා.
එම ආයතනය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න සහ වලපනේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාස දෙක සඳහා අවධානයෙන් පසුවන ලෙසයි.
මීට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට, හඟුරක්කෙත, බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල සහ කන්දෙකැටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත්ව සිටින ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කළ නවතම නිවේදනයේ සඳහන් වනවා. 

(colombotimes.lk)
