1988 අංක 68 දරන පොහොර විධිමත් කිරීමේ පනත යටතේ පනවන ලද නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
එම පනත යටතේ පොහොර ආනයනය, නිෂ්පාදනය හෝ සකස් කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගැනීමේදී ගෙවිය යුතු ගාස්තු අංක 1683/5 දරන 2010-12-06 දින අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග මඟින් ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ නියෝග මඟින් ප්‍රකාශිත ගාස්තු කාලානුරූපව සංශෝධනය කිරීම සඳහා 2024-02-05 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබෙනවා.
ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර ඇති නියෝග අංක 2398/13 දරන 2024-08-20 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කර ඇති බවයි සඳහන් වන්නේ.
1988 අංක 68 දරන පොහොර විධිමත් කිරීමේ පනතේ විධිවිධාන ප‍්‍රකාරව එකී නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වෙනුවෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාතවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.
(colombotimes.lk)