17 October 2025

logo

අමුතුම වර්ගයේ හුරුබුහුටි මෝටර් රථයක් නිර්මාණය කරයි (VIDEO)



ෆියට් පැන්ඩා යනු ලොව පුරා ඇති ගරාජවල සොයා ගත හැකි ආකර්ශනීයම කුඩා මෝටර් රථයක් වනවා. 

මෙය යොදා ගනිමින් ඉතාලි යූ ටියුබ්කරුවන් පිරිසක් ලොව උස අඩුම මෝටර් රථය නිර්මාණය කිරීමට සමත්වී තිබෙනවා. 
 
එහිදී ඔවුන් සිදුකර ඇත්තේ, ෆියට් පැන්ඩා රථයක් තවත් කුඩා කර නිර්මාණය කිරීමයි. 
 
ඒ අනුව මෙය පොළවට ඉතා සමීප ලෙස ධාවනය කිරීමට හැකි අයුරින් නැවත නිපදවා තිබෙනවා. 
 
මෙය නිර්මාණය කිරීමේදී කාරයේ ජනේලයට මදක් පහළින් කපා වෙන් කරමින් එය දෙකට බෙදා ඇති බව සඳහන්. 
 
පසුව වාහනයේ පහළ භාගය කුඩා රෝද හතරකින් පමණක් ඉහළට ඔසවා ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)