09 July 2025

logo

අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අදින් අවසන්



අර්ධ සුඛෝපභෝගී මගී ප්‍රවාහන බස් රථ සේවාව අද (30) සිට අහෝසිවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සදහන් කරනවා. 

ඒ අර්ධ සුඛෝපභෝගී මගී ප්‍රවාහන බස් රථ සේවාව අහෝසි කිරීම සදහා අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණය අනුවයි. 
 
ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් මගී ප්‍රවාහනය සඳහා නිකුත් කර ඇති අර්ධ සුඛෝපභෝගී මගී සේවා අවසරපත්‍ර 2023.06.30 දිනට පෙර අදාළ අවසර පත්‍ර හිමියන්ගේ කැමැත්ත මත වෙනත් සේවාවක් සදහා සංශෝධනය කර ගන්නා ලෙස දැනුම් දී තිබුණා. 
 
ඒ අනුව අර්ධ සුඛෝපභෝගී මගී ප්‍රවාහන බස් රථ සේවා අවසර පත්‍ර 2023.6.30 දිනට පෙර වෙනත් සේවාවකට සංශෝධනය කර ගත යුතු වනවා. 
(colombotimes.lk)