24 May 2026

logo

මෝටර් රථ අමතර කොටස් කම්හලක ගින්නක්



දකුණු කොරියාවේ ඩේජියොන්හී මෝටර් රථ අමතර කොටස් කම්හලක අද (20) ගින්නක් හටගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ගින්නෙන් පුද්ගලයන් 55දෙනෙක් තුවාල ලබා ඇති බවයි. 

සෝල් අගනුවරට කිලෝමීටර් 160ක් පමණ දකුණින් පිහිටා තිබෙන ඩේජියොන් නගරයේ මෙම ගින්න ඇති වී තිබෙනවා.

එරට ගිනි නිවන ඒජන්සිය සඳහන් කළේ මෙම ගින්නෙන් තුවාල ලැබූ පුද්ගලයන් ගණන තවත් ඉහළ යා හැකි බවයි. 

එමෙන්ම තුවාල ලැබූවන්ගෙන් 24 දෙනෙක්ගේ තත්ත්වය මේ වන විටත් බරපතළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)