30 May 2026

logo

පළමු ආපදා මරණය වාර්තා වෙයි



දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපා තිබෙන අයහපත් කාලගුණය හේතුවෙන් එක් ආපදා මරණයක් වාර්තා වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා. 

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ එම ආපදා මරණය මඩකලපුව දිස්ත්‍රික්කයේ කෝරලේපත්තු දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වාර්තා වූ බවයි. 

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය විසින් අද (13) පෙරවරු 10.00ට නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා. 

එමෙන්ම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17ක ජනතාව පීඩාවට පත්ව සිටින බවයි වාර්තා වන්නේ. 

ඒ අනුව පවුල් 62කට අයත් පුද්ගලයන් 203දෙනෙක් මේ වන විට බලපෑමට ලක්වී ඇති අතර සුරක්ෂිත මධ්‍යස්ථායක පුද්ගලයන් 17දෙනෙක් රඳවා සිටින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. 

එමෙන්ම නිවාස 39ක් අර්ධ වශයෙන් හානියට පත් වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)