18 December 2025

logo

ඉතාලියෙන් මෙතෙක් සොයාගන්නා ලද විශාලතම කොකේන් තොගය අත්අඩංගුවට (VIDEO)



ඩොලර් මිලියන 946ක වටිනාකමකින් යුත් කොකේන් ටොන් පහක් ඉතාලියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ ඉතාලි දේශ සීමාවේදී සැක සහිත ධීවර බෝට්ටුවක් ගැන සිදුකළ සෝදිසි මෙහෙයුමකාදියි. 
 
දේශසීමා පොලිසියට අනුව, එය ඉතාලි භූමියෙන් මෙතෙක් සොයාගන්නා ලද විශාලතම කොකේන් තොගයයි. 
 
ඉතාලි ජාතිකයෙකු, ටියුනීසියානු ජාතිකයින් දෙදෙනෙකු, ප්‍රංශ ජාතිකයෙකු සහ ඇල්බේනියානු ජාතිකයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(colombotimes.lk)