කුලී ගමන් සඳහා යොදා ගන්නා ත්‍රීරෝද රථවලට නිශ්චිත ගාස්තු ක්‍රමවේදයක් හඳුන්වා දීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය කටයුතු කිරීමට නියමිතයි.
ඒ සඳහා කමිටුවක් පත් කර ඇති බව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා ප්‍රකාශ කළා.
බස්නාහිර පළාත තුළ ධාවනය කෙරෙන ත්‍රීරෝද රථ සඳහා නියමිත ගාස්තුවක් හඳුන්වා දීම මෙහි අරමුණ බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.
(colombotimes.lk)
