හයිටි රාජ්‍යයට බලපෑ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 42 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව 84 දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා.
එමෙන්ම ගංවතුරෙන් නිවාස දහසකට ආසන්න සංඛ්‍යාවක් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ගංගා කිහිපයක් පිටාර ගැලීම හේතුවෙන් මෙම ගංවතුර තත්ත්වය හට ගෙන ඇති අතර නායයාම් සහ ගල් කඩා වැටීම්ද වාර්තා වී ඇති බව සඳහන් වනවා.
මේ හේතුවෙන් 13,300කට අධික පිරිසකට නිවාස අහිමිව අවතැන් කඳවුරුවල සිටින අතර පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
(colombotimes.lk)