අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනී Dewi Gustina Tobing අතර හමුවක් ඊයේ (19) පවත්වා තිබෙනවා.
ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි.
එහිදී වෙළඳාම, සංචාරක, තාක්‍ෂණය සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩි දියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.
එමෙන්ම ආගමික සංචාර ක්ෂේත්‍රය ඇතුළු සංචාරක හුවමාරු පුළුල් කිරීම පිළිබඳවද මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට සහය වීම සහ පාම් තෙල් ආනයනය කිරීම සහ කාබනික ද්‍රව පොහොර හඳුන්වාදීම සඳහා ඇති අවස්ථා පිළිබඳව තානාපතිවරිය එහිදී පෙන්වා දුන්නා.
(colombotimes.lk)