09 July 2025

logo

හෙට සිට තවත් ගාස්තු කිහිපයක් ඉහළට



ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ගාස්තු සහ නියෝජිතායතන අලුත් කිරීමේ ගාස්තු සංශෝධනය කිරීමට කටයුතු කර තිබෙනවා. 

ඒ ජුලි මස පළමුවැනිදා සිටයි. 
 
මේ සඳහා කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 
 
එම ගාස්තු සංශෝධනය පහත පරිදි වනවා. 
 
01) විදේශ රැකියා ලාභීන් කාර්යාංශයේ ලියාපදිංචි කිරීමේ ගාස්තුව 
පැවති අගය - රු.17,928.00 (බදු සමග) නව අගය - රු.21,467.00 (බදු සමග) 
 
02) ලියාපදිංචිය නැවත අලුත් කිරීමේ ගාස්තුව 
පැවති අගය - රු.3,774.00 (බදු සමග) නව අගය - රු.4,483.00 (බදු සමග) 
 
03) රැකියා නියෝජිතායතනයක බලපත්‍රය අලුත් කිරිමේ ගාස්තුව 
පැවති අගය - රු.58,974.00 (බදු සමග) නව අගය - රු.117,949.00 (බදු සමග) 
 
මේ අතර 1985 අංක 21 දරණ කාර්යාංශ පනත සහ ඊට අදාළ 1994 අංක 4 හා 2009 අංක 56 දරණ සංශෝධන ප්‍රකාරව රැකියා සඳහා විදේශ ගතවන සෑම ශ්‍රි ලාංකිකයෙකුම කාර්යාංශයේ ලියාපදිංචි වීම අනිවාර්ය කර තිබෙනවා. 
 
එසේම විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යාම සඳහා කාර්යාංශය විසින් බලපත්‍ර ලබාදෙනුයේ වසරක කාලසීමාවක් සඳහා වන අතර, එම ආයතනය තවදුරටත් පවත්වාගෙන යන්නේ නම් බලපත්‍රය දීර්ඝ කිරීම සඳහා කාර්යාංශයේ අනුමැතිය ලබාගැනීම පනතේ විධි විධාන යටතේ සිදුකළ යුතු වනවා. 
 
වැඩිදුර තොරතුරු, කාර්යාංශයේ පැය 24 තොරතුරු මධ්‍යස්ථානයේ ක්ෂණික ඇමතුම් අංක 1989 ඇමතීම මගින් ලබාගත හැකියි.
(colombotimes.lk)