අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ වර්තමාන අතිරේක ලේකම්වරියව අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින්.
අත්අඩංගුවට පත් වූ සැකකාර රාජපක්ෂ පතිරගේ සේපාලිකා සමන් කුමාරි නම් කාන්තාව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
සැකකරිය මීට පෙර හානිපූර්ණ කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එම කාලයේ ඇය විසින් දූෂණය හා පොදු දේපළ පනත යටතේ සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමට ආධාර අනුබලදීම යන චෝදනා මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(colombotimes.lk)