17 October 2025

logo

හිටපු ඇමති පාඨලී චම්පිකගේ පෙත්සම විභාගයට දිනදෙයි



2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස රිය පදවා බරපතළ අනතුරක් සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කළ අධි චෝදනා බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් ගොනු කර තිබෙන රිට් පෙත්සම නොවැම්බර් මස 24 වනදා විභාගය සඳහා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබෙනවා. 

එම පෙත්සම අද (29) අභියාචනාධිකරණ විනිසුරු ෆ්‍රැන්ක් ගුණවර්ධන ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ. 

එහිදී පාඨලී චම්පික රණවක වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමරසිරි පණ්ඩිතරත්න කළ ඉල්ලීමක් සලකා බැලූ විනිසුරුවරයා අදාළ පෙත්සම විභාගය සඳහා නොවැම්බර් මස 24 වනදා කැඳවන ලෙස නියම කර තිබෙනවා. 

(colombotimes.lk)