මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර් පැවරුම් අංශයේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක් ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින්.
සැකකාරිය වාර්තමානයේ මුදල් අමාත්‍යාංශයේ වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.
කොමිෂන් සභාවට ලද තොරතුරක් මත ආරම්භ කර ඇති විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ. 
(colombotimes.lk)
