13 February 2026

logo

වාලච්චේනේ කලබලයක්



මඩකලපුව - වාලච්චේන නගරයට අද (13) උදෑසන වනඅලියෙක් කඩා වැදී කලබලකාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

එලෙස කඩා වැදුණු වනඅලියා සිදු කළ පහරදීමකින් කාන්තාවක් මිය ගොස් තවත් තිදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බවයි වාර්තා වන්නේ.

පොලීසිය සඳහන් කළේ එලෙස කඩා වැදුණු වනඅලියා පළවා හැරීමට මේ වන විට විශේෂ මෙහෙයුමක් සිදු කරමින් පවතින බවයි.

(colombotimes.lk)